දේශීය
නව විදුලිබල ලේකම් පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් M.P.D.U.K මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත් කිරීම වලංගු බවයි.
මේ අතර වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා පත්කර ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.