දේශීය

ජෙනරල් කමල් ගුණරත්න විසින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ යෝජිත ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ දිගුකාලීන අවශ්‍යතාවයක් ඉටුකරමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් අද (17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ වෙන් කර තිබූ භුමි කොටසක සේවාමුක්ත භට  සංගමය සඳහා යෝජිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබුවා.

ජෙනරල් ගුණරත්න එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් උපුල් පෙරේරා විසින් පිළිගනු ලැබුවා.

ජෙනරල් කමල් ගුණරත්න විසින් පර්චස් 266 ක සුවිශේෂී භූමි ප්‍රමාණයක වර්ග අඩි 10,032 ක ප්‍රමාණයකින් යුත් දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයකට සුබ මොහොතින් මුල්ගල තැබුවා.

ඒ,ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න විසින්  සේවාමුක්ත භට සංගමයෙහි 78 වැනි සංවත්සර උත්සවයේ දී දුන් පොරොන්දුව ඉටුකරමින්.

මෙම ව්‍යාපෘතිය අවසන් වන තෙක් ත්‍රිවිධ හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලබනවා.

මෙහි අපේක්ෂිත වටිනාකම මිලියන 60 ක් පමණ වෙනවා.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න, සේවාමුක්ත භට  සංගමයේ  ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) සහ සේවාමුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button