දේශීය

ගෝඨා තායි යයි

සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

සිංගප්පුරු විදේශ අමාත්‍යාංශය විසින් හිටපු ජනාධිපතිවරයා හට පෞද්ගලික සංචාරයක් සඳහා නගර ප්‍රාන්තයට ඇතුල්වීමට අවසර ලබා දී ඇති බවත් එම වාර්තාවේ සදහන්.

පසුගිය ජූලි මස 14 වැනි දින හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග මාලදිවයිනටත් එහි සිට සිංගප්පුරු රාජ්‍යය වෙතටත් පලා ගියා.


https://www.sinhala.dailytimes.lk/ranil-should-be-thankful-for-protesters-damitha/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button