හදිසි විදුලිය සඳහා බිලියන 40ක් වියදම් කිරීමට රජය සූදානම්
හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා රජය වැය කිරීමට සුදානම් වන මුදල රුපියල් බිලියන 04ක් නොව 40 ක් බව විදුලි පාරිභෝගික සංගමය පවසනවා.
පැය 24 පුරා අඛණ්ඩව විදුලිය සැපැයුම පවත්වාගෙන යෑමට නම් ලංකා විදුලිබල මණ්ඩලයට හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පසුගියදා ප්‍රකාශ කළා.
ඊට අදාළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද අමාත්‍යවරයා විසින් ලබාගෙන තිබුණා.
විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරන්නේ රුපියල් බිලියන 04ක විදුලිය හදිසි ක්‍රමවේද යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර එම සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බවයි.
හදිසි විදුලිය මිලදී ගැනීමට රුපියල් බිලියන 04ක් පමණ වැයවන බවට පළ වන වාර්තා සම්පූර්ණ අසත්‍ය බවත් මෙම වාර්තා පාරිභෝගිකයන් නොමඟ යැවීමට භාවිත කර ඇති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික මහතා පවසනවා.
මේ අතර, 2009 අංක 20 දරන විදුලි බල පනතට යෝජිත සංශෝධන මඟින්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතුව දැනට පවතින හදිසි විදුලිය මිලදී ගැනීම සම්බන්ධ සියලු බලතල ඇමැතිවරයා වෙත පැවරීමට සූදානමක් පවතින බවටද වාර්තා පළ වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් 2016 වසරේ සිට මේ දක්වා අවස්ථා 16 කදී අනවශ්‍ය හදිසි විදුලිය මිලදී ගැනීම වළක්වා ඇති අතර එය හදිසි විදුලිය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන පිරිස්වලට බාධාවක් වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙනවා.