දේශීය
ආණ්ඩුව දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් පච වෙලා – කිරිඇල්ල කියයි
මීට පෙර පැවති කිසිඳු රජයක් රට බංකලොත් කර නැති එලෙස බංකලොත් භාවයට පත් කළ මෙම රජයට විරුද්ධව අධිකරණ තීන්දුවක් ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුව අමතා පැවසුවා.
මේ හේතුවෙන් ආණ්ඩුව දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් පච වී ඇති බව මන්ත්‍රීවරයා පවසා සිටියා.
විපක්ශය සතු ආසන සංඛ්‍යාව 65ක් බැවින් ආණ්ඩුව විසින් ඉල්ලා සිටියද විපක්ශය ආණ්ඩුවක් පිහිටුවීම ප්‍රායෝගික නොමැති බව මන්ත්‍රීවරයා තවදුරටත් පවසා සිටියා.
ජනතාව ඉල්ලා සිටින පරිදි ජනපති සහ අගමැති ඉල්ලා අස් විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසූවා.