දේශීය

හම්බන්තොට නව තෙල් පිරිපහදුව සයිනොපෙක් සමාගමට

හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සයිනොපෙක් සමාගම විසින් ආයෝජනය කිරීමට නියමිත බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ සයිනොපෙක්හි මෙරට ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ සහ සයිනොපෙක් පිරිපහදු සමාගමේ නියෝජිතයින් පිරිසක් සමග ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button