දේශීය

හාන්ස් විජයසූරිය ජනාධිපති උපදේශක තනතුරකට

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

අද (01) පස්වරුවේ ඒ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිය පත්වීම ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් පවසන්නේ එහි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය ශ්‍රී ලංකා රජයේ ආරාධනය ආචාර්ය විජයසූරිය විසින් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු 2025 ජනවාරි 25 වනදා ආසියාටා සමාගමෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, ආචාර්ය හාන්ස් ගේ තීරණය ආසියාට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

ඔහු ආසියාටා සහ ඊට පෙර එම සමාගම හඳුන්වනු ලැබූ ටෙලිකොම් මැලේසියා හි  වසර 30ක් පමණ සිය වෘත්තියේ යෙදී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button