දේශීය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට
අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් 9 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්ය.
One Comment