දේශීය

දුමින්දගේ නිදහසට එරෙහි හිරුණිකාගේ පෙත්සමට දින දෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළා.

මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button