දේශීය

රෝගී දරුවෙකුට අතවර කළ රෝහ​ලේ සුළු සේවකයා අත්අඩංගුවට

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පිරිමි දරුවෙකු​ට බරපතළ ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සේවය කරන තරුණ සුළු සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, ඊයේ (10) රාත්‍රියේ එම 15 හැවිරිදි පිරිමි දරු​වා අතවරයට ලක්වී ඇති බවයි.

හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි දෙවැනි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරු​වා මෙලෙ​ස අතවරයට ලක් කර ඇති බවයි වාර්තාවන්නේ.

සැකකාර සුළු සේවකයා එම වාට්ටුවේම සේවය කරන අයෙකු වන අතර ඔහු එදින රාත්‍රි සේවා මුරයේ යෙදී සිටියදී මෙම අතවරය සිදු කර ඇති බව අනාවරණයවී තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි දරු​වා ප්‍රතිකාර ඒකකයේ නාන කාමරයට රැගෙන ගොස් අතවරයට ලක් කර ඇති බව​ත් අතවරයෙන් රෝගී ළමයා බරපතළ තුවාල ලබා සිටින බවද වාර්තාවනවා.

අතවරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු වයස අවුරුදු 23 ක් වන මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේවෙත​ත් සැකක​රු මෑතකදී සුළු සේවක පත්වීම් ලැබූ අයෙකු වන අතර ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button