දේශීය

ලෙකෝ පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවෙන හැටි

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බදු එකතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි, නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

විදුලිබල අමාත්‍යංශය සඳහන් කරන්නේ, විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button