දේශීය

2024 දී නියත වශයෙන් ජනපති මම – ජනක රත්නායක

තමා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

පසුගිය දිනක පුවත් පත් ලිපියක් මඟින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනක රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

එමෙන්ම මෙහිදී පසුගියදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳව අදහස් දක්වමින් රත්නායක මහතා ප්‍රකාශ කළේ 2022 වසරේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමා විසින් එවැනි විදුලිය බිඳ වැටීමක් වැළැක්වීම සඳහා නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අදාළ නිලධාරීන් අපොහොසත්වී ඇති අතර මේ හේතුවෙන් පසුගියදා විදුලිය විසන්ධිවී පැය පහක් ඇතුළත පවා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට රජයට නොහැකිවූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button