දේශීය

අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ නැත්නම් එයාලට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න වෙනවා- විජයදාස

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්වුවත් එක නායකයෙකුගේ වහලෙක් නොවී සිය අදහස් නිදහසේ ප්‍රකාශ කළ යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

කෙසේවෙතත් අවසානයේ අයවැයට පක්ෂව ඡන්දය ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් එම පිරිසට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

ඒ පිළිබඳ අමාත්‍යවරයා දැක්වූ අදහස්,

“ඒක මන්ත්‍රීවරුන්ගේ අයිතිය. තම තමන්ගේ අයිතියට අනුව ජයග්‍රහණය කළත් එකයි නොකළත් එකයි. මහජනතාව තීන්දු කරයි මේ මහජන නියෝජිතයිගේ තීරණය හරිද වැරදිද කියලා.ඒ අනුව ජනතාව පාඩමක් උගන්වයි. “”ඒක හොඳයි නේ. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී නේ. ආණ්ඩුවේ අය වුණත් එක නායකයෙකුගේ වහලෙක් නොවී තම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරලා අවසානයේදී ඡන්දේ දෙන එක හොඳ ක්‍රමයක්. “ඡන්දේ දෙන්න වෙනවා නේ. නැත්තන් ඒ අයට ගෙදර යන්න වෙනවා නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button