දේශීය

නීතිපති දුන් උපදෙස් අනුව කටයුතු කරන ලෙස පොලිස්පති CIDයට කියයි

නීතිපතිවරයා විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

එම උපදෙස් අනුව විමර්ශනවලදී දැනටමත් එම සිද්ධීන්ට සම්බන්ධ විය හැකි බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22කුගේ නාමලේඛනයක් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එහි සඳහන් පුද්ගලයින් එම අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එම නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන අනුව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button