දේශීය
ලංකාවට අඛණ්ඩව සහයෝගය දීමට IMF එකඟතාවය
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායිකරණ වැඩසටහනට සහය දැක්වීම වෙනුවෙන් අඛණ්ඩ කැපවීම සහ සහයෝගය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සමඟ පැවති හමුවකදී මේ බව සහතික කළ බවයි.
ඔවුන් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ, මොරොක්කෝවේ මරකේව්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීවයි.