විදෙස්

ඉන්දියාව හරහා ශ්‍රී ලාංකිකයන් රට යවන ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවට ගෙන්වා එතැන් සිට ඔවුන් නීති විරෝධී ලෙස විදෙස්ගත කිරීමට සැලසුම් කළ මිනිස් ජාවාරමක ප්‍රධානියා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉම්රාන් ඛාන් නමැති මොහු මෙලෙස ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ සිට විදේශ රටවලට යැවීමට සැලසුම් කර ඇත්තේ 2021 වසරේදී බවයි සඳහන්වන්නේ.

මේ සඳහා මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව සිටි ශ්‍රී ලාංකිකයෙකු සමග එක්ව ශ්‍රී ලාංකිකයන් 60කට ආසන්න පිරිසක් මෙලෙස විදේශගත කිරීමට සැලසුම් සකස් කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (23) සඳහන් කර තිබෙනවා.

එහිදී සඳහන් කර ඇත්තේ, ඉන්දියාවට ගෙන්වනු ලබන ශ්‍රී ලාංකිකයන් තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව විදේශවලට ඔවුන් සංක්‍රමණය කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම, මෙම ජාවාරම්කරුවන් ඔවුන්ට විවිධ පොරොන්දු දෙමින් ඔවුන් නීත්‍යනුකූල ලියකියවිලි හරහා කැනඩාවට යවන බවටද පොරොන්දුදී තිබෙනවා.

සිද්ධිය හෙළිවීමෙන් අනතුරුව මහමොළකරු පළා ගොස් ඇති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ, ඔහු කේනි දිස්ත්‍රික්කයේ නිවසක සැඟව සිටියදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගත් බවයි.

තමිල්නාඩු පොලිසිය මගින් ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු, මෙම ජාවාරම් සංවිධානය කළ නියෝජිතයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button