දේශීය

පොහොර ගේන්නත් ඉන්දියාවෙන් ණයක් දෙයි

යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ණයක් ලබාගැනීම සඳහා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

එම ගිවිසුම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය EXIM බැංකුවේ සාමාන්‍යධිකාරී නිර්මිත් නරේන්ද්‍ර වෙඩ් අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබීය.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55ක ණයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහාභගී වූ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ඊට එක් විය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට රට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button