බංග්ලාදේශයේ ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන වැසෙයි
බංග්ලාදේශයේ පිහිටි සියලුම ඉන්දීය වීසා අයදුම් මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අදාළ මධ්‍යස්ථාන වසා දමා ඇති බව ඉන්දීය රජය දැනුම් දී ඇති බවයි.
බංග්ලාදේශයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ කොන්සල් කාර්යාලවල අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල ඉවත්කර ගැනීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ විරෝධතා හමුවේ ශෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇය පසුව ඉන්දියාවට පළා ගොස් තිබුණා.
විරෝධතාකරුවන් පසුගිය (05) වැනිදා අගමැති නිල නිවසට කඩා වැදී තිබුණු අතර ඔවුන් නිල නිවසට කඩා වැදීමට පෙර සිය නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගෙන තිබුණා.
සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ, 1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමින්.
මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018 දී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහ කිරීම මේ විරෝධයට පදනම් වී තිබෙනවා.