දේශීය
ඉන්දීය විදේශ කටයුතු ඇමති ලංකාවට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජායිශංකර් අනිද්දා (28) තුන්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම සංචාරයේ නිරතවන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වෙයි.
එමෙන්ම එය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්ගේ ඉන්දීය සංචාරයන්හි පසු විපරම් චාරිකාවක් ලෙසයි එමඟින් හඳුන්වා ඇත්තේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලබන 29 වනදා කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවට ද සහභාගිවනු ඇති.