දේශීය

බදුල්ල අනතුරෙන් මියගිය සිසුවියන් දෙදෙනා ගැන තොරතුරු

අද (01) උදෑසන බදුල්ල පොලිස් වසමේ බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ඇල්ල පසුකර අඹගහඔය ප්‍රදේශයේ දී, බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුවුණා.

එම බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සරසවි ශිෂ්‍යාවන් දෙදෙනෙක් මිය ගියා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 23 හැවිරිදි නිවිතිගල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක්.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා යන අතරතුරදී ඔවුන් ගමන්ගත් බස් රථය මෙලෙස අනතුරට ලක් වී තිබුණා.

රියැදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් වංගුවක් අසලදී බස් රථය පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි බදුල්ල පොලීසිය පවසන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් මේ වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම මිය ගිය ශිෂ්‍යාවන් දෙදෙනාගේ සිරුරු බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර  විමර්ශන සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button