අඛණ්ඩ ජල සැපයුමට බාධා
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දෛනික ජල සැපයුම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය මතුවී ඇති බවයි වාර්තාවන්නේ.
එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බවයි.
කෙසේවෙතත් මේ වනවිට පවතින ජල මට්ටම ප්‍රමාණවත් බවත් හැකි සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා බවටත් ඇය ඉල්ලීම් කර තිබෙනවා.
එහිදී අනෝජා කළුවාරච්චි මහත්මිය වැඩිදුරටත් දැක්වූ අදහස්,
“අපේම ජල මුලාශ්‍රයක් වන කලටුවාව ජලාශ්‍රයේ ඉදිරි මාස දෙක සඳහා තව දින 65කට ජලය තියෙනවා සැපයුම කරන්න. ලබුගම ජලාශ්‍රයේ දින 105ක් සඳහා ජලය තියෙනවා. අපි හිතනවා වැසි ලැබෙයි කියලා. පාරිභෝගිකයින්ට ජල සැපයුම සීමා කිරීමක් කරලා නෑ. නමුත් ඇතැම් පාරිභෝගිකයින්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමක් හෝ නොලැබීයෑමක් සිදුවුවහොත් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකය වන 1939 ට දැනුම්දීමක් කරන්න පුළුවන්. ඒ සඳහා විසඳුමක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය තැන්වලට බවුසර් මඟින් ජලය සපයා දිය හැකියි.”