දැරියකට විෂබීජ නාශක දියර පෙවූ ළමා නිවාස පාලිකාවක් සොයා පරීක්ෂණ
ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවකගේ සහ සේවිකාවකගේ බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි වූ 14 හැවිරිදි දැරියක් වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විෂ බීජ නාශක දියරයක් පානය කිරීමෙන් රෝහල් ගතකර තිබෙනවා.
කුඩා දැරියක් විෂබීජ නාශක දියර පානය කිරීමෙන් නාරහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නාරහෙන්පිට පොලිසිය වෙත දුරකථන පණිවුඩයක් ලබා දී තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඒ අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවයි.
ඉකුත් 06 වෙනි දින දහවල් දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණවදිමින් පහරදී ඇති අතර එහිදී දැරිය වැසිකිලි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
නාරහේන්පිට පොලිසිය පවසන්නේ එහිදී පාලිකාව සහ මුලුතැන්ගෙයි සේවිකාව දැරියට ” බීපන් තව බීපන් තව බීපන් මැරෙන්නම බීපන්” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසලම තබා තව තවත් පහර දීමට කටයුතු කර ඇති බවයි.
පහර දීමට ලක් වුණු දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.