විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදයි ?

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, එක් අංශයක් සඳහා පාසල් විභාග පමණක් භාරදීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට සහභාගීවූ තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ 18 දී. 21 දී එළියට ආවා. අද ඇතුළු වෙන්නේ 21 දී. මම දැන් සාකච්ඡා කරගෙන යනවා 2025 හෝ 2026 සිට නීතියක් පනවමු දෙසැම්බර් මාසයේ මේ විභාගය තියන්න ඕනේ. මේ මාසයේ ඒ අයව විශ්වවිද්‍යාලයට ඇතුළු කළ යුතුයි කියලා. ඒක කැඩුවොත් දඬුවම් කරන විදියට කරන්න. අනික විශේෂයෙන්ම අපි සාකච්ඡා කරගෙන යන්නේ, විභාග දෙපාර්තමේන්තුව කොටස් දෙකකට බෙදලා එකකට පාසල් විභාග භාරදෙන්න. අනික් අයට අනිත් විභාග භාරදෙන්න. මොකද පහේ විභාගය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළට අමතරව මේ අය විභාග 50ක් – 100ක් විතර කරනවා රජයේ. මේක වෙන්කරලා අපි වෙනම අංශයක් දාමු රජයේ විභාග පවත්වන්න.”