විදෙස්

ඉස්ලාමාබාද් මහාධිකරණය ඉම්රාන්ගේ ඇප අයැදුම්පත කැඳවලා

බලයේ සිටියදී විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ තානාපතිවරුන්ගෙන් ලද අධික වටිනාකමකින් යුතු ත්‍යාග භාණ්ඩාගාරයට ලබා නොදී අලෙවි කිරීමට සහ හිතවතුන් අතර බෙදා දීමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් යොමු කරනු ලැබූ ඇප අයැදුම්පත කැඳවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ටොෂ්කානා නඩුව ලෙස ප්‍රකටවූ මෙම නඩු විභාගයට පෙනී සිටීමට හිටපු අගමැතිවරයා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ ඇප අයැදුම්පත කැඳවීම පිළිබඳ එරට වගවීමේ කාර්යාංශය ඉස්ලාමාබාද් මහාධිකරණයට සිය විරෝධතාව ඉදිරිපත් කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් සිය ඇප අයැදුම්පත අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මේ වන විට බන්ධනාගාරගතව සිටින බැවින් තමාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button