5%ක්වත් නැති අය ඡන්දෙට එන එක අපරාධයක් – මහින්ද
ජනාධිපතිවරණයට 5%කවත් ඡන්ද ප්‍රතිශතයක් නැති අය තරඟ කිරීම ජාතික අපරාධයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන පිරිස ඉහළ ගොස් තිබෙන නමුත් ප්‍රධාන අපේක්ෂකයින් දෙතුන්දෙනා හැරෙන්නට අනෙක් අපේක්ෂකයින්ට අඩුම තරමින් 2%ක්වත් ඡන්ද පදනමක් නැති බවයි.
සමහර ඡන්ද අපේක්ෂකයින්ට තමන්ගේ පවුලේ පිරිසගේ ඡන්දවත් ලැබෙන්නේ නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ජනාධිපතිවරණයේ දී තරඟ කරන අපේක්ෂකයින් විසින් බැඳිය යුතු ඇප මුදල සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම සම්බන්ධව ඔවුන් අමාත්‍ය මණ්ඩලය වශයෙනුත් සාකච්ඡා කළ බවත් 5%ක්වත් ඡන්ද පදනමක් නැති පක්ෂ විසින් ජනාධිපතිවරණයට තරඟ කිරීම මගින් සිදුවන සම්පත් නාස්තිය අවම කිරීම සඳහා සාකච්ඡා කළත් එම නීති සකස් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.