දේශීය
ජේ ෂා ICC සභාපති පුටුවට
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටයි.
35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.
ජේ ෂා ගේ මෙම පත්වීමත් සමග මේ දක්වා ICC සභාපති ධුරයට පුද්ගලයන් 4 දෙනෙකු පත්වී ඇති අතර ඉන් තිදෙනෙක්ම ඉන්දියානුවන් වීම විශේෂත්වයක්.