ක්‍රීඩා

කමිඳු ලෝක වාර්තාවක් සම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි.

කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරඟ හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවයි.

පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරඟ හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණා.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (18) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button