දේශීය
කෙහෙළිය යළි රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් අපනයනය කළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක්ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී 5 වැනි සැකකරුව ඇප මත මුදාහැර ඇති බවත් පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි වාර්තාවන්නේ.
එමෙන්ම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා