දේශීය

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නවතී.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් මසක පමණ සිට තාවකාලිකව නතර කර තිබෙනවා.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 3 ක පමණ හිගයක් පවතින අතර දකුණු පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සඳහන්.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දිවයිනේ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් පවතින අතර, ඇතැම් ඖෂධවල මිල අධික බැවින් රෝගීන් මියයාමේ වැඩි හැකියාවක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button