දේශීය
ලංකා IOC පෙට්‍රල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ.
එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරයි.
ඩොලරය සාපේක්ෂව රුපියලේ අගය අධික ලෙස වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට හේතුවූ බවද එම සමාගම පවසයි.