දේශීය

නීති විද්‍යාල ගාස්තු ඉහළ ට

නීති  විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තු ඇතුළු නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු ඉහළ නංවා තිබෙනවා .

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර එමගින් නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000 දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

පොදු ප්‍රවේශ විභාගයෙන් සෘජුවම ඇතුළත් වන පළමු වසර ශිෂ්‍යයන් සඳහා ඇතුළත්වීමේ ගාස්තු රුපියල් 25,000ක් ඇතුළුව එම වර්ෂය සඳහා රුපියල් 67,500ක් අය කිරීමට නියමිතයි .

විදේශීය නීතීවේදී උපාධිය සහිතව පළමු වසරට ඇතුල් වන ශිෂ්‍යයින් සඳහා රුපියල් 75,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් සහිතව එම වසර සඳහා රුපියල් 117‍,500ක් ගෙවිය යුතු බව සඳහන් .

දෙවන වසර ශිෂ්‍යයන් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 40,500ක් ද තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල් 50,500ක් ද අය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා .

විශ්වවිද්‍යාල පනත යටතේ පිහිට වූ විශ්වවිද්‍යාලයක හෝ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිය සහිතව ඇතුළත්වන තෙවන වසර ශිෂ්‍යයන් සඳහා රුපියල් 25,000ක ඇතුළත්වීමේ ගාස්තුවක් අය කිරීමට නියමිතයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button