විශේෂාංග

මහගම සේකරගේ බිරිය දිවි සැරිය නිමා කරයි

නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන්ගේ බිරිඳවූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසුවුණා.

පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලැබූ කුසුමලතා මහගමසේකර මහත්මිය, මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

ඉන්පසු දිවයිනේ පාසල් කිහිපයකම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවයේ යෙදුණු ඇය 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහප්‍රාප්ත වුණා.

අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා පෙරවරු 10.00ට තැන්පත් කරන බවයි වාර්තාවන්නේ.

අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button