දේශීය
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අදහස පිළිගන්නේ නෑ – මහින්ද රාජපක්ෂ
තමන් හා තම සහෝදරයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවේ අදහස කිසිසේත්ම නොපිළිගන්නා බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර දළදා මාලිගාවේදී ඉකුත් පෙරේදා (15) පස්වරුවේ ආගමික වතාවත් සඳහා සහභාගි වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී.
ඒ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් දැක්වූ අදහස්,
“අවස්ථාවක් ලද පසුව මේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයේදී අදහස් දැක්වීමට අප බලාපොරොත්තු වනවා. තීන්දුවේ අදහස මම පිළිගන්නේ නෑ.”