දේශීය

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ප්රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පලාන ආයතනයකින්, සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජිවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශය වන බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button