දේශීය

පිරවුම්හල් කිහිපයකට වැඩ වරදී

සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති පිරවුම්හල් කිහිපයක් වෙත ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක් ගෙන තිබේ.

එනම්, එම ඉන්ධන හල් වෙත සිදුකරන ඉන්ධන සැපයීම අද දින සිට වහාම අත්හිටුවීමට සංස්ථාව පියවර ගැනීමයි.

මාකොළ දකුණ, නාල්ල, කැලණිය සහ මීරිගම පිහිටි ඉන්ධන පිරවුම්හල් 4කට එලෙස ඉන්ධන සැපයුම අත්හිටුවා තිබේ.

සංස්ථාව දැනුම්දෙන්නේ මෙම බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button