දේශීය
මල්ශාලා හිමිකරු අවමංගල රථයේදීම ඝාතනය කරලා
අම්බලන්ගොඩ මල්ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.
පරික්ෂණවලදි අනාවරණය වී තිබෙන්නේ, නාදුනන පුද්ගලයෙකු විසින් මල්ශාලා හිමිකරුගේ හිසට පහරදි මෙම ඝාතනය සිදුකොට ඇති බවයි.
මල්ශාලා හිමිකරු අවමංගල රථයේ රියදුරු අසුන තුලදි ඝාතනය කොට ඇති අතර මෙලෙස ඝාතනය කොට ඇත්තේ ගොනපිනුවලගේ තුසිත කුමාර (46) නැමති මල්වැන්න,දකුණ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.
මොහු තම අවමංගල ශාලවේ සේවය කරන ගෝලයෙකු රැගෙන එම සදහා ඊයේ රාත්‍රියේදි තෙල්වත්ත ආවාසවත්ත ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එම යන අතරතුරේ දි මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.