දේශීය

ජයගමු ශ්‍රී ලංකා වෙතින් ප්‍රතිලාභ රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ” හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අඟුණකොළපැළැස්ස බන්ධනාගාර ක්‍රීඩංගනයේදී අද (10) ආරම්භ වුණා.   

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර මහතා​ගේ සහභාගීත්වයෙන් අද වැඩසටහන ආරම්භ වූ අතර, මෙහිදී විදේශ සේවා කාර්යංශයේ මගින් ප්‍රතිලාභ රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදිම සිදු කෙරුණා.  

එහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වී  විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ සේවයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණා.  

ඒ අනුව විදෙස් රැකියාවල නියැලීමෙ​න් ජීවිත සාර්ථක කරගත් විගමනික ශ්‍රමික පවුල් 05 කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇගයීම් වශයෙන් රුපියල් 50,000 බැගින් ලබා දෙන ලදි .

ඊට අමතරව විගමණික ශ්‍රමිකයින් 25 දෙනෙකු සඳහා ස්වයං රැකියාවල නියැලීම පිණිස ලබා දෙන රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් 50,000ක ප්‍රදානය කිරීද අද සිදු කෙරුණා.  

විගමණික ප්‍රජා​වේ සාමාජිකයන්ගෙන් තෝරාගත් 12 දෙනෙකුට ඇස් කණ්නාඩි සහ 9 දෙනෙකුට රෝදපුටු ප්‍රදාන​ය කිරීමද අද වැඩ සටහනේදී සිදු වූ අතර විගමනික පවුල්වල දරුවන් 25 දෙනෙකුරට ශිෂ්‍යත්ව ප්‍රදාන​ය කිරීමද සිදු වුණා.

විදෙස්ගත්වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වාර කිහිපයක් ලබා ගත් ශ්‍රමිකයන් 40ක් සඳහා සතොස වවුචර් පිරිනැමීම සහ විගමනික ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 12ක් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අද වඩසටහනේදී සිදු කෙරුණා.  

එමෙන්ම ප්‍රථම වරට ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් 10 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන් සඳහා අද වැඩසටහන තුළදී වවුචර් පත් ලබාදෙනු ලැබුවා.  

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් 25කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද අද සිදු කෙරුණු අතර පාසල් උපකරණ සහ පාසැල් බෑග් ලබා දීමද අද වැඩ සටහනේදී සිදු කෙරුණා.  

එම ප්‍රතිලාභ ලාභීන් තෝරාගනීමේදී සේවය අවසන් කර පැමිණි විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 20 දෙනෙක්, දැනට සේවයේ යෙදී සිටින විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 510 දෙනෙක්, සේවය අවසන් කර ආ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 48 ක් තෝරාගෙන තිබුණා.

ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කොට්ඨාසයකට එකක් බැගින් තෝරා දෙන ලද ප්‍රදේශයේ පාසල් සඳහා ස්මාට් බෝඩ් 12ක් ප්‍රදානය කිරීමද අද සිදු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button