දේශීය

යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආගමික පිංකම් රැසක්

2024 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබෙන 75 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතමින් සිදුකරනු ලැබූ ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද (27) පැවැත්වුණා.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගෙගේ ප්‍රධානත්වයෙන්.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගෞරව පූර්වකව, අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වෙත සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජාකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරනු ලැබුවා.

යුද්ධ හමුදා ධජ රැගත් හමුදා සාමාජිකයින් පහළ වැලි මළුවේ මහත් භක්තියෙන් යුතුව රැදී සිටි අතර, එම අවස්ථාවට සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ වාදන මධ්‍යයේ පෙරහැරකින් මහා සංඝරත්නය ධජ සඳහා ආශිර්වාද කිරීමට උත්තරීතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන ඉහල මළුව වෙත වැඩම කරනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් මෙම අවස්ථාවට එක්වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button