ක්‍රීඩා
LPL වෙන්දේසියේදී මතීෂට ඉහළ තැනක්
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදී ගනු ලැබුවා.
කොළඹදී දැන් පැවැත්වෙන LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට එම මුදල හිමි වුණා.
එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 ක්.
කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගනු ලැබූ අතර LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල එයයි.