විශේෂාංග

පෙබරවාරි​යේ මිලියන ගණනින් රෝස මල් විකිණිලා

ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණු ඊයේ (14 ) දිනයේදී රෝස මල් මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් අලෙවිවූ බව මල් අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පවසන්නේ, පසුගිය වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී රෝස මල් අලෙවිය 100% කින් පමණ ඉහළ ගොස් තිබූ බවයි.

දිවයිනේ මල් අලෙවි කරන ස්ථානවලින් රතු රෝස ඇතුළු විවිධ මල් වර්ග මිලදී ගැනීම සඳහා පෙරේදා (13 ) සවස් කාලයේ සිටම දැඩි ඉල්ලුමක් පැවැති බවද මල් අලෙවිකරුවන් පවසනවා.

තනි රෝස මලක් රුපියල් 300 සිට රුපියල් 1,000 දක්වා විවිධ මිල ගණන්වලට මල් අලෙවිසල්වලින් අලෙවි කර ඇති අත​ර රෝ​ස මල් පොකුරක් රුපියල් 3,000 සිට 6,000 දක්වා විවිධ මිල ගණන්වලට අලෙවි කර තිබෙනවා.

රෝස මල් අලෙවියෙන් මල් අලෙවිකරුවන් ඊයේ දිනයේදී පමණක් රුපියල් කෝටි 1,200 කට වැඩි ආදායමක් උපයා ඇති බවයි සඳහන්වන්නේ.

එහිදී රෝස මල්, මල් පොකුරුවලට අමතරව නිර්මාණය කරන ලද ‘ටෙඩී බෙයාර්’ මිලදී ගැනීමටද විශාල ඉල්ලුමක් පැවැති බව විසිතුරු නිර්මාණ අලෙවිකරුවෝ පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button