දේශීය

ඇමති බන්දුල,ප්‍රසන්න සහ මන්ත්‍රී විමල් මානව හිමිකම් කොමිසම හමුවට .

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

මැයි 09 සහ ඉන් පසුව සිදුවු ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුර මන්ත්‍රී නිවාස ගිනි තැබීම් දේපළවලට හානි සිදුකිරිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එම කැඳවීම සිදුකර ඇති බව එම කොමිසම සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ දී විමර්ශන සඳහා අවශ්‍ය වන මුලික කරුණු සටහන් කර ගැනීමක් සිදුකර ගැනීමට නියමිතය.

එම මන්ත්‍රීවරුන් නිවාස ගිනිගැනීම්වලට ලක්වු බවට පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ අතර මැයි 09වන දින සහ ඉන් පසුව ඇති වු ප්‍රචණ්කාරී සිදුවීම් අතරතුර නිවාස හා දේපළ හානි වීම් පිළිබදව විමර්ශන සිදුකිරීම සඳහා ප්‍රාදේශිය සභා සභාපතිවරුන් කිහිපදෙනෙකු ද අද දිනයේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒම පිරිසගෙන්ද අද දිනයේ මුලික කරුණු සටහන් කිරීමක් පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button