දේශීය

අම්බුළුවාවේ මාස ගණනක ඇතුළත් වීමේ අවසර පත් ගිනි තියලා

අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව අනුව 2021 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා නිකුත් කර ඇති ඇතුළත් වීමේ අවසර පත් කොටස ගිනි තබා විනාශ කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානයේ මාස ගණනක ප්‍රවේශපත්‍රවල තොරතුරු පුළුස්සා දැමීමෙන් කෝටි ගණනක පාඩුවක් සිදුවී ඇති බවට 2021 විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවී තිබෙනවා.

මේ හේතුවෙන්, එම කාලය තුළ අදාළ ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබුණු ලාභය තහවුරු කර ගැනීමට හැකියාවක් නොමැතිවී තිබෙන බවයි වාර්තාවන්නේ.

එසේම, 2020 වසරේද ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබුණු ආදායම රුපියල් අනුපන් ලක්ෂ විසිපන්දහස් පන්සීය හැත්තෑපහක් ලෙස දක්වා තිබුණද මෙම ගිනි තබා විනාශ කර දැමීම හේතුවෙන් අදායම නිසියාකාරයෙන් ගණනය කළ නොහැකි බවද වාර්තාවනවා.

කෙසේවෙතත් මෙම විගණන වාර්තාවට අනුව මෙහිදී කෝටි ගණනක වංචාවක් සහ පාඩුවක් සිදුවී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button