දේශීය

15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටිනවා.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළා.

ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබෙනවා.

තවත් නිලධාරීන් 194 දෙනෙකුගේ නිශ්කාශන වාර්තා ලබාගැනීමෙන් පසුව සේවයෙන් ඉවත් කිරීමට නියමිතයි.

දෙසැම්බර් 31වන දින දක්වා පොදු සමා කාලය ක්‍රියාත්මක වන අතර තවදුරටත් නීත්‍යානුකුලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට එම අවස්ථාව පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රවී හේරත් මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button