දේශීය

අද පැය 6කට වැඩි විදුලි කප්පාදුවක්

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (24) දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ දී පැය 4යි මිනිත්තු 30 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.

එසේම P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුවේ.

ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප සඳහා පැය 6යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 3යි මිනිත්තු 20ක කාලයක් උදෑසන 8 සිට පස්වරු 6 දක්වා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දී ඇත.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළදී පැය 1යි මිනිත්තු 40ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button