Mr Beast වීඩියෝවකින් X සමාගමෙන් ඩොලර් 263,655ක් උපයාගනී

YouTube සමාජ මාධ්‍ය වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් වන මිස්ටර් බීස්ට්ට, ඔහු විසින් X හි පළ කරන ලද වීඩියෝවක් වෙනුවෙන් ඩොලර් 263,655 ක විශාල මුදලක් X සමාගම විසින් ප්‍රදානය කර තිබෙනවා.
මිස්ටර් බීස්ට් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජිමී ඩොනල්ඩ්සන් (Jimmy Donaldson) එම වීඩියෝව සිය X ගිණුමේ පසුගිය ජනවාරි 16 වනදා පළ කර තිබුණා.
“$1 Car vs $100,000,000 Car!!!” යන නමින් ඔහු එම වීඩියෝව නම් කර තිබෙන අතර මින් පෙර ඔහු එම වීඩියෝව සිය YouTube නාලිකාවේද පළ කර ඇති බව සඳහන්.
ඩොනල්ඩ්සන් සහ ඔහුගේ මිතුරන් ඩොලර් 1 සිට ඩොලර් මිලියන 100 දක්වා වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මෝටර් රථ අනතුරට ලක්කර ධාවනය කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.
25 හැවිරිදි මිස්ටර් බීස්ට් යනු විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් විවිධ ආකාරයේ වෙනස් වීඩියෝ Youtube හි පළ කරන්නෙකු වන අතර මේ වන විට එම X වීඩියෝවට 496,000 likes සහ මිලියන 171ක views ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ඔහුගේ YouTube නාලිකාවේ මිලියන 235කට අධික subscribers ප්‍රමාණයක් සිටින අතර එය තනි පුද්ගලයෙක් සතුව පවතින වැඩිම subscribers ප්‍රමාණය ඇති YouTube නාලිකාව ලෙස වාර්තාවක්ද හිමි කර ගෙන තිබෙනවා.