ක්‍රීඩා

හෙල්ල විසි කිරීමේ ශූරිය නදීකා ක්‍රීඩා දිවියට සමුදෙයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 47 වැනි ජාතික මහා ක්‍රීඩා තරඟාවලියේදී  වසර 29ක් පැරණි තරඟ වාර්තාවක් අලුත් කිරීමට මීටර් 110 කඩුළු පැනීමේ ඉසව්වට එක් වූ බස්නාහිර පළාතේ ජනිඳු ලක්විජය සමත්ව තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මීටර් 110 කඩුලූ පැනීමේ ඉසව්වේ මූලික වටයේ තරඟය තත්පර 14.18කින් නිමා කරමින් ජනිඳු නව වාර්තාව පිහිටුවු අතර, එහිදී 1994 වසරේ බස්නාහිර පළාතේ චමින්ද ෆොන්සේකා පිහිටුවා තිබූ තත්පර 14.28ක  වාර්තාව බිඳ දැමුණා.

මේ අතර ජාතික මහා ක්‍රීඩා තරඟාවලියේ කාන්තා හෙල්ල විසි කිරීමේ වාර්තාවට හිමිකම් කියන දකුණු පළාතේ නදීකා ලක්මාලි ඊයේ සිය වසර 23ක  ක්‍රීඩා දිවියට සමුදීම ප්‍රකාශ කළා.

සිය ඉසව්වේදී මීටර් 51.48ක දක්ෂතාවක් සමඟින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ ඇය  2015 වසරේ ජාතික ක්‍රීඩා  වාර්තාව පිහිටුවීම සඳහා වාර්තා කළ දක්ෂතාව මීටර් 58.52ක්.

එතැන් සිට වසර 17ක් තිස්සේ ජාතික වාර්තාව රැකගෙන ඇති නදීකා ආසියානු ක්‍රීඩා උලෙළ, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ මෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ද නියෝජනය කිරීමට සමත්වුණා.

මේ අතර කාන්තා මීටර් 800 ඉසව්වේ අවසන්  තරඟය මිනිත්තු 204.53කින් නිමා කර එහි රන් පදක්කම් දිනා ගැනීමට දකුණු පළාතේ ගයන්තිකා අබේරත්න සමත් වූ අතර, රිදී පදක්කම එම පළාතේම ඩබ්. කේ.එල්.ඒ. නිමාලි දිනා ගත්තේ මිනිත්තු 2:04.88කින්.

එහි ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ ශානිකා ලක්ෂානිට (මි. 2:07.88) හිමිවූ අතර   එම ඉසව්වේ පිරිමි රන් පදක්කම දකුණු පළාතේ ජී. ආර්.චතුරංග (මි. 1:54.25) දිනාගත්තා.

එම පළාතේම ආර්.අයි.පී. පුෂ්පකුමාරට රිදී පදක්කමත් ඌව පළාතේ සී. අරවින්දන්ට ලෝඩක පදක්කම හිමිව තිබුණා.

දුර පැනීමේ ඉසවේදී මීටර් 7.74ක දක්ෂතාවක් පෙන්වමින් ඊයේ ඌව පළාතට රන් පදක්කමක් දිනා දීමට ගයාන් සම්පත් සමත් වූ බව වාර්තා වෙනවා.

එහි කාන්තා ඉසව්ව ජය ගැනීමට ලක්ෂානි සාරංගි සිල්වා සමත් වූයේ මීටර් 6.34ක් වාර්තා කරමින්.

මධ්‍යම පළාතේ කේ.එම්. දර්ශන පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගනිද්දී සබරගමුව පළාතේ රත්නසේන සොහොයුරෝ රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබෙනවා.

මෙම  තරඟාවලිය අද නිමාවට පත්වෙන අතර අවසන් තරඟ ඉසව් 16ක් අද පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button