දේශීය

අම්බානිගේ මංගල උත්සවයට ගිය නාමල් සහ මහේල

මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ උත්සවයක් ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 3ක විවාහ මංගල්‍යය ඊයේ (12) ආරම්භ වුණා.

ලොවපුරා සිටින බලවතුන්, ක්‍රීඩකයින්, දේශපාලකයන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිලියන් රාශියක් මේ සඳහා සහභාගී වීමද විශේෂත්වයක්.

ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ මේ විවාහයට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ තිබුණා.

ඒ, නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනටයි.

රෙස්ලිං ක්‍රීඩාවෙන් ලොව අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා ද මෙම විවාහ මංගල්‍යයට සහභාගී වීම විශේෂත්වයක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම විවාහ මංගල්‍යය ඉන්දීය රුපියල් කෝටි 5000කට අධික පිරිවැයක් දරා ඇති බවයි.

එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button