දේශීය

රටේ ආරක්ෂාව ගැන නාමල් කියයි

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මෙරට තානාධිපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතු බවයි ඔහු පවසන්නේ.

සියළුම ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවත් ඔහු පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button