දේශීය

නව කැළණි පාලම හෙට ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම හෙට (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙම නව කැලණි පාළම “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කර ඇති බවයි.

මෙම පාලම 2012 වසරේදී ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කෙරුණා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button