ව්‍යාපාරික
මහ බැංකුවෙන් අලුත් නියෝගයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත සිය අභිමතය පරිදි ගෙවීම් සීමා කරන ලෙස නව නියෝග නිකුත් කර තිබේ.
ඒ අනුව 2022 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන/අතුරු මුල්‍ය ප්‍රකාශන එහි බාහිර විගණකවරයෙකු විසින් අවසන් කර විගණනය කරන තෙක් මුදල් ලාභාංශ ගෙවීම කල් දමන ලෙස බැංකුවලට දන්වා ඇත.
මීට අමතරව තමන්ගේම කොටස් නැවත මිල දී ගැනීමෙන් වළකින ලෙස මහ බැංකුව විසින් බැංකුවලට නියෝග කර ඇති අතර කළමනාකරණ දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට සිදුකරන ගෙවීම් ඉහළ නැංවීමෙන් ද වළකින ලෙස දැනුම් දී ඇත.
අදාළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ,